මුතු කුඩ ඉහලන
මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට
වැහි ලිහිණී
එබී බලා
රිය කවුළු දොරින්
යටගිය දවසේ
දැස ගියා ඉගිලී...

අඳුරු ලලා
සෙන්කඩගල වැස්සේ
දිය දහරා
පාටයි දේදුන්නේ
තෙමි තෙමි
ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා  දෙමංතලේ ...

රිය ඇතුලේ
උණුසුම ඔබට දි දී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ
අදත් එදා සිහිවීඅපේ සබඳකම් නැහැ රියසක දන්නේ...


<Rohana Weerasinghe>

7 Responses so far.

  1. Judy says:

    මම පුදුම විදියට ආසා කරන සින්දුවක්. ඉස්සර මගේ යාළුවෙක් හිටියා මේ සින්දුව හරිම ලස්සනට ගායනා කරන්න පුළුවන්. අපි එකට ට්‍රිප් යද්දි එයාට මේක දහ සැරයක්වත් කියන්න වෙනවාමයි.

  2. See Jay says:

    අදනම් Music girl මගෙ post සේරම බලල වගේ.. සන්තොසයි....
    මේ සින්දුව අහද්දි මට හිතෙන්නෙ මේක මගෙම අත්දැකීමක් කියල,

  3. Judy says:

    පොඩි නිවැරදි කිරීම් කිහිපයක්.
    1. අඳුරු ලලා
    2. අද යනවා දෙමංතලේ
    3. නෑ හිත රිදුනේ
    4. (ඊට පස්සෙ එන මේ ටික මග ඇරිලා )- අදත් එදා සිහිවී
    5. අපේ සබන්දකම් නෑ රිය සක දන්නේ

  4. Judy says:

    අද මට පොඩි විවේකයක් ලැබුන. එහෙම වෙලාවට මං කරන්නෙ සින්දු අහන එක. ඔයාට බොහොම ස්තුතියි කමෙන්ට්ස්නුත් වැඩිය නැතුව මේක කරගෙන යන එක ගැන. අනේ නවත්තන්න නම් එපා හොඳේ. අද මේ අග ඉඳලා මුලට බලාගෙන යනවා මම. සින්දුත් අහන ගමන්ම. :D

  5. See Jay says:

    බොහොම ස්තූතියි.. ඔන්න නිවැරදි කලා. මගෙ සින්හල දැනුම එච්චරම හොඳ මදි..සමාවෙන්න ඕන..

  6. See Jay says:

    මේක මම ගොඩක් ආසාවෙන් කරන වැඩක්..., comments වැටෙනවනම් ආසයි..ඒත් නැතුව කියල දුකක් නෑ.. මගේ හිත හැදෙන්න වැඩක් කරන්න ඕන හින්ද තමා මේක පටන් ගත්තේ..දැන් හැමදාම සින්දුවක් ටයිප් කරල පොස්ට් කරනව... :D

  7. Unknown says:

    සින්දු වල තේරුමත් එක්කම ඵල කරන්න පුලුවන් නම් තවත් අගෙයි....

Leave a Reply