මේ නගරය 
මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය 
මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැවු ඉවුරෙ දිය රළ 
පෙර සේම බි‍ඳෙනවා
නුග ගස් පෙල 
අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳු ‍රැල්ලෙන් 
එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් 
මෙහි යන්න හිතෙනවා

ඔබ අතගෙන ගිය වීදියේ 
ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක
එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් 
යලි සිහි වෙනවා
ජීවිතයම හීනයකැයි
කියා සිතෙනවා...

<Mervin Perera>


2 Responses so far.

  1. Please correct:

    1. වැව් ඉවුරේ දිය රැළ

    2. එතර පෙනෙනවා

    3. එහි යන්න හිතෙනවා

    4. ජීවිතයම හීනයෙකැයි

  2. Judy says:

    මම ගියේ පේරාදෙණිය කැම්පස් එකට නෙවෙයි. ඒත් මේ සින්දුව අහනකොට මට දැනෙන්නෙ මේක මගේම අත්දැකීමක් වගේ. හැමෝටම එහෙම වෙන්නැති සමහරවිට. හැමදාම සින්දුව අහල ඉවර වෙනකොට ඇස් දෙකේ කඳුළු පිරිලා.

Leave a Reply