දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා..
ගහ කොළද මල් පිපේ
ඇළදොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ..
නන්නාඳුනන ලෙසේ
මගතොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා...
<Gunadasa Kapuge>
අවුරුදු ගානක් ආදරේ කරල ජීවිතේ සුන්දරම කාලේ ඒ ආදරයටම කැප කරල අන්තිමේ වෙන වෙලා යන එක තරම අවාසනාවන්ත අත්දැකීමක් තවත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්න සුන්දර මතක ටිකක් එක්ක විරහ වේදනාවක් විතරයි. එක පාර මා මරන්න කියන්නෙ නැතුව නන්නාඳුන ලෙස හරි මගතොට යලි හමු වෙන්න ප්‍රාර්ථනා කරන මේ වගේ ආදරයක් කොයි තරම් සුන්දරද....
ඔව් හරිම අමුතු විදියක චමත්කාරයක් එවැනි සිදුවීම් වල තියෙනව කියල මටත් හිතෙනව.
මේ අළුත් සිංදුවක්ද?
අපොයි නැහැ..,මේක ගොඩක් පරන සින්දුවක්,
http://youtu.be/RMATRwnHOVM