තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි
මිහිපිට ඇති එකම සම්පත..

මඳ පවන මොටද
ඔබෙ සුවඳ මුසු වී නැත්නම්
සඳ කිරණ මොටද
ඔබ මගේ තනියට ළඟ නැත්නම්
හෙළි කරමි මගේ ළඟ ඇති
ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියේ
එක හිත ඇත්නම්

කල් ගෙවා දෙනෙත් නොපියා
ඔබ ගැනම පියකතේ
කල්පනා කල තරම
මට කල්පනාවක් නැතේ
ඇඳිරියෙද මැණික හඳුනන
ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු
සෙවනක එකම පැල්පතේ

<Victor Rathnayaka>

2 Responses so far.

  1. Judy says:

    මේ සින්දුව මම පුංචි කාලෙ අපේ මාමගෙ කටේම තිබ්බ සිංදුවක්. ඒ කාලෙ එයා නැන්දත් එක්ක යාළුවෙලා හිටියෙ. මං ඉස්සරහ සිංදුව කියැවුනාම විගහට මගේ මූණ බලලා කියනවා 'තරු අත් අකුරින් ලියා එවමි ඔබට කොළපත...' කියලා. :D
    මට ඒ සිදුවීම මතක් වුනා මේක දැක්කම.

  2. See Jay says:

    සන්තෝසයි අප්පා... :D

Leave a Reply