අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති නැණින් යොවුන් සිත බැඳී බැඳී
දවස්පති රුවින් සිනාසෙයි නැගී නැගී

වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල්වන් වැවු යායයි
සිරිලක දසනුදිසා එක හීයයි
ලක් වැසියෙක් වී අද ඉර පායයි

මල්සර උක්දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දානයි
හිරු නව පැතුම් පතා ‍රැස් වීදයි
නිවහල් ලොවකට මංපෙත සාදයි

විශේෂ ඉල්ලීමකට upload කලේ මේ සින්දුව, audio quality එකනම් හොඳටම සවුත්තුයි හැබැයි, සමාවෙන්න ඕන...

<Victor Rathnayaka>


2 Responses so far.

  1. Judy says:

    මේකට නම් ගොඩාක්ම ස්තුතියි... මම කොච්චර නම් හෙව්වද යූ ටියුබ් එකේ.... මට හොයාගන්න බැරි උනානෙ.... මේ සින්දුව ඇහුවෙ ගොඩ කාලෙකට පස්සෙ.... ඒකෙ කොලිටිය හොඳ නැති උනාට කමක් නෑ.... කොහොම හරි සින්දුව ඇහුවනෙ... පසුබිම් කතාව මං පබ්ලිෂ් කරලා ඩිලීට් කරනවා.... එතකොට ඔයාට බලාගන්න පුළුවනිනෙ....

  2. See Jay says:

    සින්දුවට වඩා පසුබිම් කතාව හිතට වැදුන.., මම හිතන්නේ ඒක තමා සැබෑ ආදරය.

Leave a Reply