සොඳුර නුඹ ලිහිණියක
රැයේ අඳුරට හඬන
මමද ලිහිණියකු වෙමි
කැඩුනු තටු පිරිමදින
අහිංසක අප දෙදෙන
තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල
හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න,
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය..
කටුක දුක් විරහ මැද
අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු
අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුන
කුරල්ලන් වී දිනක..
<Gunadasa Kapuge>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



Api meka adamai ehuwe..
thanks!
We are from kiripeni.blogspot.com
අපිට රේඩියෝ වල ඇහෙන්නේ නැති..අපි අහන්නේ නැති ලස්සන සින්දු ගොඩක් තියෙනව..