පිලේ පහන නිවුවා මං
ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉඳිකඩ පැන
මං නිදි පැදුරේ
පෑලවියේ හීතල හඳ
ඇවිත් මගේ තනි රකින්න
දොළේ හඬට උණ පඳුරේ
වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන
උලලේනො හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන්
තුරුලු වෙලා නිදා ගන්න..
කාටත් එකට උණුහුම දෙන
ඉර පිපුනේ හිරිමාවක
මගේ සතුට පෑල දොරින්
යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි
පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි
කඳුළු හලා ගංගාවක...
<Sunil Edirisinghe>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


