පියමන් කෙරුවෙමු
මහ වේ මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු
උයන් කොනක හිඳ
ශිල්ප උගත්තෙමු
නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත
ඔබ හැර යන්නට...

නිල් තණ පලසෙහි ගැ‍ටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලිකවට සිනාවයි
මල් නැ‍ටුමයි කළගෙඩි නැ‍ටුමයි
මගේ දෑස තුල යළිත් ඇඳේවිද..

නෙත කඳුලින් හසකැණින් මුවා කල
සොඳුරු පැතුම් පුරවා මනමත් කල
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනු දයාදර..

<Somathilaka Jayamaha>

2 Responses so far.

  1. ඉස්කෝලෙ ගිය අන්තිම දවසෙ අපිත් මේක ලොකුවට, ලොකු කොලේක ලියලා අපේ පන්තියේ බිත්තියෙ ඇලෙව්වා. මට ඒක දකින දකින පාරට ඇඬුනා. අදත් මේ සින්දුව අහනකොට එදා දැනුනු හැඟීමම කිසි වෙනසක් නැතුව හිතට දැනෙනවා.

  2. SEEJAY says:

    මටනම් මේ සින්දුව අහනකොට දැනෙන්නෙ දුකක්...,මොකද ඔය කියන අත්දැකීම් විඳින්න වුනෙ නැහැ මට.., මගෙ පාසල් ජීවිතය ඔය කියන තරම් සුන්දර නැහැ.., ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා කොළඹ ගියාට පස්සෙ සුන්දර පාසල් කාලේ විඳින්න හම්බ වුනේ නැහැ..,මට මතක 5 වසරට වෙනකන් ඉස්කෝලේ ගියා කියල විතරයි...:)

Leave a Reply