බොල් වී අහුරු
වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ
මටවත් නොකියාම
දම් පැහැ කහට
කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි
මතකද අපි බාලේ
මල්වර වී නුඹ
ඉඳහිට දුටු වේලේ
බැරිවුනි කියාගන්නට
හිත බැඳි ආලේ
නෑ තුන් හිතකවත්
අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියේ
පැතු ලෙසයි නගේ
පිටගං ගොහින්
මා අමතක උනත් නගේ
අතමිට සරුව
නුඹ යහතින් ඉදින් නගේ
<Amaradewa>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



බෙදා ගැනීම ගැන සතුටුයි... මේ වගේ ගීත අද ඇහෙනවා හරි අඩුයි