වේදිකාවේ
අසුනකට බර වී
දහසක් නෙතු අතරේ
අතරම්ං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ....

ශිෂ්ටාචාරේ මානවයා හා
ශිෂ්ටාචාරේ ගැහැණි
එක් වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා  දා
වැගිරෙයි දිය වී
ආදරේ
රෝමියෝ.....

දෙතොලේ නුඹෙ ‍රැඳී
දහසක චුම්භන පිසදා
කොපුලේ ඇගෙ තැවරුණු
දහසක ඛේටය පිසදා
සිපගනිම් දහසකුත්
පළමු නැවුම් චුම්භනයෙන්
ගොඩගනිම් ආයෙමත්
මැද ඉදන් ජීවිතේ
රෝමියෝ....

<Nadeeka Guruge>



මේ සින්දුවේ තව version එකක් තියෙනව ඉන්ද්‍රචාප එක්ක කියපු... මේකත් අහල බලන්න

Leave a Reply