රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් ‍රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

කිරිලිය සේ දුර පියාසලා
අත්ත‍ටු රිඳුනා පමණයි
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ...

කනා‍ටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
මා හෙට දින සමුගන්නේ

<Nanda Malini>


4 Responses so far.

  1. මාත් කැමතිම සිංදුවක්.. එල..
    හන්තානට ජය!

  2. See Jay says:

    ස්තූතියි කිවුවා එහෙනම්..

  3. මේ සිංදුවට මම හරිම ආසයි. ඒත් මේ සිංදුවේ රූප රචනය දැක්කහම මට මතක් වුණේ මේ රූප රාමු තියෙන චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය බලපු පළමුවෙනි පාරම මගේ හිතට හරිම තදින් වැදුණා කතාවේ නම"Astitva" ඒ කියන්නේ "පැවැත්ම" කියන එක. හරිම ලස්සන සිංදු දෙකකුත් තියෙනවා.

  4. See Jay says:

    මමත් මේ ‍ෆිල්ම් එක මොකද්ද කියල හිත හිත හිටියේ, විඩියො එකේ තියෙන ටිකෙන්ම හිතුන ලස්සන ‍ෆිල්ම් එකක් වෙන්න ඇති කියල..බොහොම ස්තුතියි මේ පැත්තට ආවට වගේම මේ ‍ෆිල්ම් එක මොකද්ද කිවුවටත්...

Leave a Reply