ගතින් ඉන්නට නැතත් ළං වී
සිතින් යන්නට එපා වෙන් වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ...

ඔබෙ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ
ඔබේ සෙවනැල්ලයි...

ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ
ඔබේ හස‍රැල්ලයි...

<Chandraleka Perera>

2 Responses so far.

  1. අන්ජානා අන්ජානී.. ලව් දැටි ෆිල්ම් වෙරිමච්.

  2. See Jay says:

    තැන්කු තැන්කු..මම මේ නම හොය හොයා හිටියෙ ‍ෆිල්ම් එකේ..

Leave a Reply