මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන
පාට බිඳුවක් දෙන්න
දෙතොල් පෙති හැඩ කරන
සිනා රේඛා මවන
කැඩපතක මගෙ රුව
මොහොතකට දකින්නට
කඳුළු බිඳු සඟවගෙන
දුක දැරූ අම්මාව
දෙනෙත් මත තුරුළු කර
එක වරක් සිප ගන්න
ගී කියන විහඟුන්ට
රොන් උරන බඹරුන්ට
රහසේම මම සොයමි
මල් පාට වූ අරුම
වැහි ඉහින අහස මත
බර දරන පොළව උඩ
මගෙ හීන තබා යමි
තවත් දවසක එන්න
<Mekala Gamage>
පිළිතුරු තැපෑලෙන්
1 year ago
මේක නම් කලින් අහලා තිබුනෙ නෑ මං.. ලස්සන සිංදුවක්. ඔයාගේ පිහිටෙන් අද ඒකත් අහන්න ලැබුනා.. තන්කූ ඈ..
බොහොම තන්කූ කොමෙන්ට් එකටත් ඈ...:D