
මං මුලා වී
පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වු සමනලියකගෙනි
පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන්හිටි තැන්
මතකයේ අඩමානය
පාර කියන්නේ
කෙලෙසද මා හට
ඇයටද පාරක්
ඇති නැති ගානය
අප හමුවූයේ
මන්දැයි නොදනිමි
පාර ඇසූවේ
ඇයි දැයි නොකියමි
අපේ ගමන අද
නවතනු හැකි නම්
අප යන ගමනද
අද මෙතැනින් නිමි
<Gunadasa Kapuge>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
11 months ago



තාරාදේවී ටෙලි නාට්‍යයේ තේමා ගීතය... මං හරිම ආසයි මේකට...
මේක නාට්‍ය ගීතයක් කියල මම කවදාවත් හිතුවෙ නැහැ... මේ දවස් වල නිතර දෙවේලේ අහන සින්දුවක්..:D
මං දන්නා කලෙක ඉඳං කැමතිම සින්දුව
මම සින්දු අහන්න පටන් ගත්තෙ කපුගේගෙ සින්දු අහල..එදා ඉඳලම මගෙත් පළමු සින්දු 10 අතුලෙ තියෙන සින්දුවක්...