
රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝකෙන් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ..
දෑත වෙන් වී
පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්රි යාමේ
<Amaradewa>
Tweet

රෑ දුරු රට මේ
හිම වරුසා සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝකෙන් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ..
දෑත වෙන් වී
පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්රි යාමේ
සින්දු අහන්න නෙමේ...අහල තියෙන සින්දු විඳින්න එන්න හන්තානට....
මම ආසාම සින්දුවක්.මුලින්ම ඇහුවෙ අවුරුදු 13 දි විතර, අප්පච්චි අරගෙන ආව MP3 සීඩී එකකින්. එදාම ආසා හිතුණා. ඔයා මම ආසා ඒවාම කොහෙ හොයා ගන්නවාද මන්දා. මේ ගීතය සාපේක්ෂව කෙටියි, ඒත් කොච්චර ලස්සනද
පුංචි වචන පේලි කීපයක් ගීතයක් වෙලා තියෙන අපූරුව..
ලංකාවෙ මුලින්ම කැසට් නිෂ්පාදනය වු කටෙල නිර්මාණය වූ ගීයක්. මට මතක හැටියට ඒ කාලෙ "තරංගා"ලේබල් එකෙන් නිෂ්පාදය වූ ගීයක් මේක. හරිම ලස්සනයි
@සිඳු : සන්තොසයි අප්ප කැමති සින්දුවක් දාන්න හම්බ උනාට...:)
@Dinesh : මෙච්චර දවස් ඇහුවට මටත් අද තමා තේරුනේ මේ සින්දුවෙ තියෙන්නෙ පුංචි වචන පේලි කීපයක් විතරයි නේද කියල..මම ටයිප් කරල ඉවර වෙලා ආයෙමත් වතාවක් අහල බැලුව මට මඟහැරිච්ච මොනවා හරි තියෙනවද කියල.. ඇත්තටම ලස්සනයි..
@දයානන්ද රත්නායක : ඔබතුමාගේ මේ වගේ ඒව සම්බන්ධයෙන් තියෙන දැනුමට මම ගොඩක් කැමති..,මම ඇතුළු අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙක් ගාව නැත්තෙත් ඒකයි.