ගඟුලක් වගේ ඇවිත්
කඳුළක් සේම නික්ම යන්න
මා ළඟින්
හිතටත් රිදෙයි
සුසුමක් නැගෙයි
එනමුදු අතැර යන්න
මගේ මුදු වදන්...

පාවෙන වළා බිඳක් සේ
වත දැවටෙන්න මුණිවතින්
අනුකම්පා නැති සිතකින්
ඔබ යන්න ඉතින්
සැඩ රළ බි‍ඳෙන වෙරළගින්

එළිවෙන උදාගිරක් සේ
හිත දැවටෙන්න පෙරඹරින්
වත්සුණු නොමැති කොපුලකින්
සිප සනසන්න ඉතින්
මල් පෙති නොසැලෙන විලසින්

<Kithsiri Jayasekara>

5 Responses so far.

  1. Dinesh says:

    මේ සිංදුවනම් මම මේ අහපු පළවෙනි වතාව..

  2. මමත් මේ ගිය අහපු පළමු වතාව. මම කල්පනා කලේ කොහොමද කිත්සිරි ජයසේකරගෙ මේ ගිත ඇල්බමය මගෙන් මගහැරුනේ කියල

  3. See Jay says:

    මේක ටිකක් පරන සින්දුවක් මම දන්න තරමට..,අහන්න හම්බ වෙන්නෙම නැති තරම්..

  4. dinithi says:

    මම මේ අනන්තවත් අහන සිංදුවක්..කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙත් නැති...

    අදයි හන්තාන පැත්තට ආවෙ... හැමදාම ඇවිත් යන්න එන්නම්...

  5. See Jay says:

    සාදරයෙන් පිළිගන්නව හන්තානට....

Leave a Reply