දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ...

කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලනකොට
ඔ‍ටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු
ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ....

සින්දුවක් අහල රසවිඳින්න පටන් ගත්ත දවසේ ඉඳලම මගේ කැමතිම ගායකයා උනේ කපුගේ.., අදටත් කපුගේගෙ සින්දුවක් අහන්නේ නැතුව ඉන්න දවසක් නැතුව ඇති..කපුගේ නැති වෙලා අදට අවුරුදු 9 යි. මේ පෝස්ට් එක කපුගේ වෙනුවෙන්...

ආදරණීය කපුගේ..ඔබට නිවන් සුව...!




3 Responses so far.

  1. Anonymous says:

    මමත් ආසම ගායකයෙක් සහ ආසම සින්දුවක්

  2. මොනවා ලියන්නද තව ඔහු ගැන. ඔහු තවමත් අප අතරම කියලා හැඟෙනවා.ඒ නින්ද දිගු නින්දක් නොවුනානම්

  3. See Jay says:

    කපුගේ වගේ මිනිස්සු මැරෙන්න නෑ, ඒ මනුස්සකම හැමදාම ජීවත් වේවි.

    බොහොම ස්තුතියි ඔබතුමාගෙ සටහනට..

Leave a Reply