සරා සිහින රහසේ
දිවුරා කියා
හිතේ කඳුළු පහසේ
මැවුනා සිනා
ඔහේ ඇවිද මා හා
හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැඳිලා
සරා සිහින රහසේ දිවුරා කියා.....
සිත කඳුළැල්ලෙහි තවරා
කළුවර රස කර වින්ඳා
සඳ සෙවනැල්ලක හැංඟී
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..
තනි හදකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..
<BNS>
මේ සිංදුව ආපු කාලේ හැමදාම වගේ ඇහුවා.. දැන් සෑහෙන කාලෙකින් අහන්න උනේ නෑ..
මමත් ඒ බෝට්ටුවෙම තමා කොල්ලා.... සමහර මතක් වෙන දේවල් නිසා මම මේ සින්දුව අහන්නෙ නෑ වැඩිය... ගොඩක් සමීප සින්දුවක් මටනම්...
ලස්සනම ලස්සන හුගක් ආස කරන සිංදුවක් :)