
ළඳුනේ
ඔබේ දෑස
දැක ගත්තෙමි
සැදෑ කලෙක
ළඳුනේ
දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එළියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ
<Amarasiri Peiris>
Tweet
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



මේ ගීතය පිළිබඳ පුංචි රහසක් තියෙනවා. මේ ගීය කේමදාස මාස්ටර් නිර්මාණය කලේ අමරසිරි පිරිස්ට නෙවෙයි. ලංකාවෙ ඉතාමත් සුප්රසිද්ධ වෙනත් ගායන ශිල්පියෙකුට. කොහොමත් මාස්ටර්ට කේන්තියනවනේ මේ පටිගත කරන්න නියමිත දවසේ මේ ශිල්පියා ටිකක් ප්රමාද වෙලා. මාස්ටර් තද වුණ ගමන් බැන්නා. මේ ශිල්පියා එදා මාස්ටර්ගෙන් වෙන්වෙලා ආපහු ගියා ගීය නොගයා. මාස්ටර් තමන්ගෙ වාදක මණ්ඩලයේ හිටි අමරසිරි පීරිස්ට කිව්වා අමරෙ මේක කියල දානවා කියල. අමරසිරි පීරිස් ගැයුවා අහම්බෙන් ඒක ජනප්රිය වුණා.
අර ශිල්පියා මාස්ටර්ගෙ අවසාන වතාවට ගැයූ ගීයත් අදටත් තුඩතුඩ රැව් දෙන් ගීයක්..
රහසක් හින්ද අහලත් බැහැ..ඒ උනාට අහන්නෙ නැතුවත් බෑ කවුද ගායකය කියල...:D