රුවල් ඉරීගිය නෞකාවේ
නියමුවාණෙනි.....
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය
ගොඩබිමකට
රුවල් ඉරීගිය නෞකාවේ

දෝතට එක් කල
වැසි දිය පොවමින් පවසට
ඉරුනු රුවල් රෙදි
දවටා සදමින් උණුසුම
මා ‍රැකගත් ඔබ
රැක ගත යුතු වේඅද දින
දියඹේ නවතිමි
යනුමැන පෙරමග තනිවම...

සුන්බුන් නැවු බඳ
දියබත් වී යයි හිමිහිට
අත්හල මැන දැන්
මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන
මා බිළිදී දිය ගැඹරට
ගැලවී යනු මැන
මේ විපතින් සිත දැඩිකොට

<Nanda Malini>

5 Responses so far.

  1. පුදුමාකාර පරිත්‍යාගයක් ගැන ඉතාම මිහිරි ගීයක්. බොහොම ස්තුතියි !

  2. මට මතක හැටියට 1988 හො 89 වර්ෂයේදී රූපවාහානියේ විකාශය වූසංඛ පද්ම වැඩසටහනට මේ ගිය ගැයුණි. අනතරුව නන්දාගේ කැසට්පටයකටත් ඇතුළත් විය.

    මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලිනී සහ මුත්තුසාමි මෝහන් රාජ් ගේ සංගිතය මේනම් කදිම ගියකි. මේ සංගිතයෙන් නැගෙන්නා වූ සෘංගාරයේ අග්‍ර ඵලයයි

  3. ලස්සන ගීතයක් අපට දායාද කලාට ඔබට බොහෝම ස්තූතියි...

  4. මේකට තමයි ඇත්ත ආදරේ කියල කියන්නෙ.පුදුම සිංදුවක්.

  5. See Jay says:

    @Rasika : ඇත්ත පුදුමාකාර තේරුමක් තියෙන සින්දුවක්

    @දයානන්ද රත්නායක : මම හිතන්නෙ ඇල්බම් එකේ නමත් සංඛ පද්ම. ඔබතුමාට බොහොම ස්තූතියි තොරතුරු ටිකට..

    @කෝඩුකාරයා : නන්දා මාලිනිට තමා ස්තූති කරන්න ඕන... :D

    @වර්ෂා : මේක ඇත්ත ආදරේ වෙන්න ඇති..ඒත් නාවිකයාගෙන කරන්නෙ අසාදාරණ ඉල්ලීමක් නෙමෙද..නාවිකයා කොච්චර අසරණ වෙන්න ඇතිද..

Leave a Reply