දෙනෝදහක්
ගැවසෙන සරසවියේ
පාළුව තනිකම
දැනෙනවනම්
කුටියේ කවුළුව
විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්..

ඔබ සරසවියක
මා පොඩි ගෙපැලක
එක් වන්නට අද වරම් නැතේ
එකම පන්තියේ
එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි මතක තියේ...

ඔබ හා අත්වැල්
බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසල් සමයේ
සිල්ප සතර
‍රැඳුනේ නෑ මා සිත
ඒ හින්දයි අප දුරස් උනේ

<Milton Mallawarachchi>

4 Responses so far.

  1. මිල්ටන්ගෙ ගායනයේ තියෙන සිවිශේෂ බවත් ආදරණිය බවත් නිසාම ඔහුගෙ හැම ගියකම අරුත මැකිලා හඬට වශීවෙනවා. මේ ගීයේ අරුතත් සංවේදී පෙම් පුවතක් නිසා ඒ අරුතත් අර වගේම මිල්ටන්ගෙ හඩට යටපත්වෙනවා.
    පුදුම හඬක් සේම පුදුම ගීයක්.

  2. See Jay says:

    ඔබතුමා කියන එක් ඇත්ත...මිල්ටන්ගෙ හඬ නිසා කිසිම තේරුමක් නැති පද වැලක් උනත් බොහොම සංවේදි වෙන වෙලාවල් තියෙනවා...ඇත්තටම මම මේ සින්දුවේ අර්ථයට මම ගොඩක් කැමති නෑ.ඒ උනාට සින්දුව කියන්න බැරි තරම් හිතට සමීපයි... විශේෂයෙන්

    දෙනෝදහක්
    ගැවසෙන සරසවියේ
    පාළුව තනිකම
    දැනෙනවනම්
    කුටියේ කවුළුව
    විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත

    කියන ටිකට මම පුදුම කැමති..ඒ වගේම පුදුම තරම් තේරුමක් තියෙන "අඳුර වැ‍ටුන වීදියේ" වගේ ගීත හැංගිලා ගිහින් තියෙනවා හිතා ගන්න බැරි විදියට

  3. මහා ලොකු දැනුමක් නෑ මට නම් මේ දේවල් ගැන. ඒත් මේ ගායකයාගේ කටහඩේ තියෙන විශේශයක් නිසාද මංදා මමත් මේ ගායකටාගේ සිංදු වලට හුගක් කැමති. හිතට දැනෙනවා හුගාක්.

  4. මම ආසම ගීතයක්...ස්තූතියි......!!!!

Leave a Reply