රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය 
දෑස වසනවා
හද පොදි බැදි දුක 
දියකර පා කර
ඔබේ ලොවට මා 
මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය 
මල් මඟ මුල හිද
කිම තොල මීවිත 
පොඟවන්නේ...
නුරා විරහ ගිනි 
නිවා දමන්නයි
සුරා විතින් මා 
දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි 
මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...
අවන්හලේ 
මීවිත තනිකරලා
වරෙන් මලේ 
පියවර නගලා..

මම අහල තියෙනව මේ ගීතය ලියවෙන්න ලස්සන කතාවක් තියෙනව කියල. ඒක ඇත්තක්නම් දන්න කෙනෙක් comment එකක් හරි දානවනම් ලොකු දෙයක්.

<Gunadasa Kapuge, Karunarathna Diwulgane>


 

One Response so far.

  1. Miyuru says:

    ඔයා අර දාල තියෙන කමෙන්ට් එක කියවලා මේ සින්දුව අහනකොට මටත් ලාවට මතක් උනා එහෙම පසුබිම් කතාවක් මාත් කොහේදි හරි කියවල තියෙනවාය කියලා... මේ සින්දුව ලියල තියෙන්නෙ කවුද කියල සඳහනක් කළොත් සමහර විට කාගෙ හරි මතකය අවදි වෙන්න පුළුවන් සීජේ...

Leave a Reply