සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්
සිඹිනා නිසල ‍රැයේ
සීතල උමතුව ඉඳික‍ටු තුඩඟින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය 
නිදන්න ඔබේ හිස
රඳවා මාගේ ළයේ...

නලියන මඳනල පොපියන මල්වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරුකැල නිල් නුඹ ගැබ තුල
සඳ තුරුලෙහිම ‍රැඳේ

නැලවෙන තුරු හිස පිණි පොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුළැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ 

<Amarasiri Peiris>

Leave a Reply