සඳ දිය දෙවුන සේ
සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද
මගෙ හිත ගාව
දෑ කුල සිරිත්
සිටි සද මග අවුරාන
හමුවී වැලපෙමුද
මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම්
අහසට නැග රහසේම
දිලිසෙන්නේද
පුර පස දිලි සඳ ගාව
එ හද ඇයිද
දියවක දී මුළු රෑම
දියවී ගිහින් රැඳුනේ
තරු ඇස ගාව

ළය මත පිපුණු
උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද
ගැරහුම් රළ ගාව
කඩ ඉම ළඟ ඉඳන්වත්
නුඹ හැමදාම
මට අත වනපන්
නලියන නළ සේම

<Malani Bulathsinghala, Asanka Priyamantha>


 

5 Responses so far.

  1. කාලෙකට පස්සේ... මතකයේ රැඳුන ගීයක්

  2. See Jay says:

    ඔව් දයානන්ද මහත්තය...බ්ලොග් එකට වැඩිය හිත දෙන්න බැරි උනා පහුගිය කාලේ...

  3. මමත් හුඟක් කැමති ගීතයක්.....

  4. ආසම සින්දුවක්.ස්තූතියි See Jay..))

  5. Miyuru says:

    මේ ගීතයේ තියෙන ශෝකී රාවයට මං හරිම කැමතියි... හරිම ලස්සන සින්දුවක්...

Leave a Reply