සඳ කැන් වැසිලා
අඳුරේ එතිලා
ඝනදුරු රෑ
තනිකම නෑ
සොයා එන්න
ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමනී
ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මාසතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
<Victor Rathnayaka>
මොනව ලියන්නද මේ ගැන , මගේ ගිත දර්ශකයේ මුල් ගිත 10 ඇතුළත වික්ටර්, ප්‍රේම්, නිර්මාණය කළ මේ ගියත්, "අපි හැඟුම්වලට ඉඩදී මෙහොතක්" ගියත් පළමු තැනම තියෙනවා.
සුන්දරම සුන්දර සුස්තියට සෙට් වෙන, ආදරණිය වූ වෙන්වීම දෙස සොඳුරු ඇසින් බලන ගීතයක්.
"අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්".........මටනම් වික්ටර් ගේ සුස්තිම ගීතය මේක තමයි.