දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි...
<Victor Rathnayaka>
පද :- සුනිල් ආරියරත්න
සංගීතය :- වික්ටර් රත්නායක
ගායනය :- වික්ටර් රත්නායක
පිළිතුරු තැපෑලෙන්
1 year ago
අමරසිරි පීරිස් මහත්තයගෙ හන්තානට පායන සඳ කියන සින්දුව මගෙ හිතට වැදුන මේකට වඩා!
මට හිතෙන්නෙ සින්දු දෙකේ අදහස ගොඩක් වෙනස් කියල..,
වික්ටර් මේ ගියට තනිකරම භාවිති කරන්නේ ගිටාරයයි. ඒක ඒකාලෙ හැටියට බොහොම නිර්මානාත්මක වැඩක්. මට නම් වික්ටර්ගේ ගීය මුල්තැන ක තියෙනවා.
මේකෙ තියෙන්නෙ පුදුම ආදරණීය වචන ටිකක්.
//ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි//
කොයි තරම් ලස්සනයිද තමන්ගෙ ප්‍රථම ආදරවන්තිය ආදරේ ගැන කියා දුන්නු ඇදුරුතුමිය කියලා කියන එක.කවුද මේකෙ පද රචකයා.
one & only සුනිල් ආරියරත්න තමා පද රචකයා.., මේ සින්දුවෙ මම ආසම කොටසත් ඔය ටිකම තමා...,
මගේ හිත අතීතයට ගියා මේක අහලා... මට ලැබුණු මුල්ම ලව් ලෙටර් එකේ තිබ්බෙ මේ සින්දුව... :D