සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව 
ඔබ සොයා පදවන්නෙමි
ඔබ නිසා පදවන්නෙමි

ප්‍රදීපාගරයක
ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩබිමෙහි
මං ලකුණු දන්වන්න
නැංගුරම්ලන තැනක
පෙනෙන සේ ඔබ ඉන්න..

වෙරළ දෙස සැපත් මා
දෝත පා පිළිගන්න සිනාසී
දුර්ගවූ ගමන් මග
විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න
මා සමග එක් වන්න...

<Nanda Malini>

8 Responses so far.

  1. Sindu says:

    කොහෙන්ද මේ වගේ ගීත මතක් වෙන්නෙ? කමෙන්ට් නොකළට හැමදාම ඇවිත් බලලා යනවා බ්ලොග් රෝලෙ අලුත් වෙලා තියනවා දැක්කාම.
    මේ ගීත ඉදිරිපත් කරනකොට ගීත රචකයාවත් දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.
    අපේ හිතට දැනෙන මේ පද මාලා ලිවුව ඒ මිනිස්සුන්ව අපිවත් මතක් කරමු ගොඩක් අය අමතක කළාට

  2. See Jay says:

    Comment නොකලට කමක් නෑ..ඇවිත් බලල යන එකටම සන්තෝසයි.., රචකයව දාන්න පුලුවන්නම් හොඳයි, ඒත් ගොඩක් පරන සින්දු වල රචකයව හොයාගන්න ටිකක් අමරුයි, හැබයි අපේ දයානන්ද මහත්තය පුලුවන් හැම වෙලාවකම comment එකකින් රචකයා කවුද කියල කියන නිසා ගොඩක් වෙලාවට රචකය නැති අඩුව පිරුන කියල හිතෙනව..., බලමු ඉස්සරහට කොහොම හරි ඒ වෙනසත් කරමු...බොහොම ස්තූතියි සිඳුට...:D

  3. ලස්සන වගේම නිතර නෑසෙන මේ සිංදු පළ කරනවාට බොහොම ස්තුතියි!

  4. ආ.. සංසාර සාගරේ ලිව්වෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, මෙහි සංගිතය මට මතක හැටියට එච්.එම් ජයවර්ධන ගේ.

    මොනව වුණත් නිතරම ඇහුවත් එපා නොවන ගීයක් අදත් ඇහුවා.

  5. See Jay says:

    බොහොම ස්තූතියි දයානන්ද මහත්තයට...., ඉස්සරහට සින්දුවත් එක්කම ලිවුවෙ කවුද සංගීතය කාගෙද වගේ විස්තරත් එක්කම දාන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනව, ඔබතුමාගේ සහයෝගය හැමදාම වගේ ලැබේවි කියල හිතනව....:D

  6. මගේ බ්ලොග් ඉන්ටඩ්‍රක්ෂන් එක මේ ගීතය.. කියාගන්නවත් නොතේරෙන තරම් මේ ගීය මගෙ ජීවිතේ පුරාවටම බැදිල තියෙන්නෙ.

  7. See Jay says:

    මොකද්ද දන්නෙ නෑ පුංචි එකී..ගේ බ්ලොග් එක...මට හම්බ වෙලා නැහැනේ..:(,

  8. Unknown says:

    සංගීතය සරත් දසනායක

Leave a Reply