
මේ මල් යායේ
මා හා එක් වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ
නිවුනා මැලවීලා
මා දෑසේ දී වේදනා...
මා දෑතේ වෙලීලා එදා
රෑ සීතේ සඳපානේ පිය නැගුවා
ඒ ඡායා සිහිනේ යාවි
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..
සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට දැනුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා...
<Edward Jayakody>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago



හේමසිරි හල්පිට ලියූ මුල්ම ගිය වගේ මතකයක් මට තියෙන්නේ. අනික තමයි සංගිත ලෝකයේ ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූ සංගිත අෂ්‍යක්ෂ වරයෙකු වන සුනිල් ධර්මසේන ද කරලියට එන්නේ මේ ගිතයෙන්. එඩ්වඩ්ගේ ගායනය වෙනස් වුනෙත් මේ ගීයෙන්. ලස්සන මතකයක්.
මම ආසම සිංදුවක්..
@දයානන්ද රත්නායක : ඔබතුමාගේ මතකය ගැනනම් මට පුදුමයි..., බොහොම ස්තුතියි දයානන්ද මහත්මයා, ඔබතුමාගේ comments ඇත්තටම ලොකු හයියක්...
@Dinesh සන්තෝසයි සහෝ කැමති සින්දුවක් දාන්න ලැබුණු එකට..:D
මං මේ සින්දුවේ ආසම මුලදි ඇහෙන ඩ්‍රම් සෙට් එකේ සද්දෙ මැද්දි තබ්ලා සද්දෙට පරිවර්තනය වෙන හැටි...
//@දයානන්ද රත්නායක : ඔබතුමාගේ මතකය ගැනනම් මට පුදුමයි..., බොහොම ස්තුතියි දයානන්ද මහත්මයා//මටත් කියන්න තියෙන්නෙ මේකමයි....