මේ මල් යායේ
මා හා එක් වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ
නිවුනා මැලවීලා
මා දෑසේ දී වේදනා...

මා දෑතේ වෙලීලා එදා
රෑ සීතේ සඳපානේ පිය නැගුවා
ඒ ඡායා සිහිනේ යාවි
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට දැනුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා...

<Edward Jayakody>
 

4 Responses so far.

  1. හේමසිරි හල්පිට ලියූ මුල්ම ගිය වගේ මතකයක් මට තියෙන්නේ. අනික තමයි සංගිත ලෝකයේ ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූ සංගිත අෂ්‍යක්ෂ වරයෙකු වන සුනිල් ධර්මසේන ද කරලියට එන්නේ මේ ගිතයෙන්. එඩ්වඩ්ගේ ගායනය වෙනස් වුනෙත් මේ ගීයෙන්. ලස්සන මතකයක්.

  2. Dinesh says:

    මම ආසම සිංදුවක්..

  3. See Jay says:

    @දයානන්ද රත්නායක : ඔබතුමාගේ මතකය ගැනනම් මට පුදුමයි..., බොහොම ස්තුතියි දයානන්ද මහත්මයා, ඔබතුමාගේ comments ඇත්තටම ලොකු හයියක්...

    @Dinesh සන්තෝසයි සහෝ කැමති සින්දුවක් දාන්න ලැබුණු එකට..:D

  4. Miyuru says:

    මං මේ සින්දුවේ ආසම මුලදි ඇහෙන ඩ්‍රම් සෙට් එකේ සද්දෙ මැද්දි තබ්ලා සද්දෙට පරිවර්තනය වෙන හැටි...
    //@දයානන්ද රත්නායක : ඔබතුමාගේ මතකය ගැනනම් මට පුදුමයි..., බොහොම ස්තුතියි දයානන්ද මහත්මයා//මටත් කියන්න තියෙන්නෙ මේකමයි....

Leave a Reply