
මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත්
නුඹව තරම්..
ආදරයෙන්
එදා ඉදන්..
කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්...
වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්...
<Athma Liyanage>
රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...
තරු එළියක් වී දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා..
<Athma Liyanage>

රෑ තාරකාවෝ
බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ
කඳුලින් තෙමී
ඊයේ දවාලේ
අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා
කඳුලැල් සලාලා
නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ
ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී
බැඳුණා සිතේ
හඳුනන්නෙදෝ ඔබ
මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ
ඊයේ වගේ
හදවත කොනේ මා
කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ
නොපැතූ ලෙසේ
<Clarence Wijewardene>

සුභ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතරදෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ
මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පලඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ පෝරුව දෙදරයි
මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ලඳක් කියා ඇයි මට කීවේ
<Gunadasa Kapuge>

සුසානයක නොදැවී
සිතේ තවම තනි වී
තියේ එදා ඔබ පිදූ දයාබර
සෙනෙහෙ සුවඳ නොමැකි
සුසානයක නොදැවී....
පියාගතිමි නෙතු මා
ඔබේ සිහින රඳවා
නුවන් විවර කර
සොයා බැලූ සඳ
ඔබ දුරක පියඹා
වෙන දෑසක බැඳිලා
තව හීනෙක වෙලිලා
ඔබේ සුවඳ සුවඳයි
ඔබේ මතක මතකයි
ඔබෙන් තිළින ලද
දයාවන්ත හිත
සදාතනයි සත්තයි
එදා වගේ සුවඳයි
අතීතයම සමරයි..
<Asanka Priyamantha>

බිරිඳ මගේ ඔබ..
නෑ මා ඔබගේ
බිරිඳ නොවේ
දෑඟිලි හුයකින්
බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ...
ඔබ පෙම කල අය
ඔබට ලැබී නැත
මා පෙම් කල අය
මටද ලැබී නැත
මව්පිය නෑසිය
ආසිරි ගී මැද
දෑඟිලි පමණක්
එකට බැඳී ඇත
සිරුරින් එක තැන
හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි
එකම වහල යට
ඔබෙත් මගෙත් හද
ගැහෙනා රාවය
අපට මියෙන තුරු
හැඳිනිය හැකි වෙද
<Gunadasa Kapuge, Nanda Malini>

රෝස පෙත්තෙ
ලියු පෙම් පතක්
නුරා උයන කැළඹු ඇරයුමක්
නොසිතු නොපැතූ
මේ තරම් මත්පසක්
පොරොන්දුවක්
වරෙන්තුවක් සහිත ඡේදයක්
ආදරයේ දේවතාවියේ
සිහින සැබව මැවූව ජීවිතේ
අමෘතේ බදු වූ මධු ගා අමුතූ
ඔබ මැවුව ලොවම
පෙම් රසෝගයක්
ආදරයේ මැවුම් කාරියේ
සියුම් සිනිඳු ලෙසින් ලංවුනේ
ළමදේ තෙරපී
ගොරගා ඇමතූ
ඔබේ හඬද
හැඬෙන සුළු නියෝගයක්
ඔබ මැවූ මැදුර
සුපිරි සිරගෙයක්.
මන්දහාස පිරුණු සුරපුරේ
ගීත තෙපුල් පුරන සාදයේ
සොදුරූ කිඳුරූ
සැනසූ මදිරාවේ
හදේ හැඟුම්
ඔබ හොරෙන් අරන්...
<Indrachapa Liyanage>

පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුනු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම...
වස්සාන කාලයක
හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි
බොඳ කලා
මල් යාය බඹර ගී හඬතලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා
කප් තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනි කලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුබ නැකත රන් හුයක පැටලුනා
<Karunarathna Diwulgane>





