මට එපා ඔබේ
හස‍රැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ
දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා..

සිහින ලොවේ මා
අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ
නුඹට කාරි නැත
මගේ දුකට මම
ගී පදවැල් ලීවේ...

මතු දිනයකදී
මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
අපේ මතකයේ
බිඳුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා...

<Shirly Wijyantha>

5 Responses so far.

  1. හැකිනම් යටින් ගීතය අහන්න සලස්වන්න..
    ස්තූතියි මේ වටින උත්සහයට.. :)

  2. See Jay says:

    දැන් හරි...ස්තූතියි.

  3. Miyuru says:

    තරුණ සේවා සභාවෙ ස්වර්ණමය යුගයෙ බිහිවූ, මම කැමති ගීතයක්...

  4. Miyuru says:

    මේ ගීතයේ සංගීතය නම් ඒදා මං අහපු සංගීතයට වඩා වෙනස්... මං ආස ඒ මුල් ගීතයෙ සංගීතයට...

  5. අපූරුම කොටසක් මාතෘකාවට අරන්

Leave a Reply