ඔබම මාද විය
මාද ඔබම විය
සාගර වෙරළක
පිය සටහන් මත
ඔබ මා සමගින්
ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරුරැස්‌
විහිදුණු මොහොතේ
ඔබම මාද විය
මාද ඔබම විය

පවසා ගන්නට
දහස්‌ වදන් ඇත
පෙන්විය නොහැකි වූ
දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ
සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඟ

ඔබමය මා සිත
ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද
ඔබ තුළ හිමියනි
ඔබෙන් රකින්නට
රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා
එපා නොකල මැන

<Malani Bulathsinghala>

2 Responses so far.

  1. Nalaka526 says:

    Nice Song, thanks for posting...

    පොඩි වැරදි වගයක් දැක්ක,

    සාගර වෙරළක
    පිය සටහන් මත
    ඔබ සමගින් / ඔබ මා සමගින්


    සිතින්ද සිරුරෙන්ද
    පොබ කළ හිමියනි / ඔබටය හිමියනි

  2. See Jay says:

    සමාවෙන්න ඕන...දැන් හරි

Leave a Reply