සුළන් කපොල්ලේ
තැනූ කැදෙල්ලේ
කෑලි කැඩි බිඳි වැටේ
නිල් කඳු ‍රැල්ලේ..

කූඩු කැඩී තැන තැන ගිය
පුංචි කිරිල්ලී..
දැන් ඔබ ළඟ සිටී
රුවක් විලස නොසෙල්ලී..
යොදුන් ගණන් ඔබැම සොයා
ආ සිවුමැල්ලි..
පිළිගනු ඈ කොහි යන්නද
නැවත ඉගිල්ලී..

ඇයට මවක් පියකු නොමැත
සිතිජ වළල්ලේ..
කඳුල පමණි
ඇයට උරුම දවස මුලුල්ලේ...
ඔබ තනිකඩ කුරුලු රජෙකි
වෙසෙන නිදැල්ලේ..
ඇයට ලැඟුම් දෙන්න සබඳ
ඔබේ කැදැල්ලේ...

<Nanda Malini>

 

7 Responses so far.

  1. ආසම ගීතයක්......

  2. මේක ඇත්තටම මහාචාර්ය සුනිල ආරියරත්න සහ නන්දා මලානි ගැන ලියවුනා කියල තමයි කියන්නේ!

  3. Anonymous says:

    මෙලඩි එක හිතට වදිනවා!

  4. ආස කරන සින්දුවක්!! පින්තූරෙ සිත් ගත්තා!!!

  5. See Jay says:

    ගොඩක් ස්තූතියි comments වලට... ගොඩක් වටිනව

  6. සිරා සින්දුවක්.. මමත් ආසයි !!

Leave a Reply