
සුළන් කපොල්ලේ
තැනූ කැදෙල්ලේ
කෑලි කැඩි බිඳි වැටේ
නිල් කඳු රැල්ලේ..
කූඩු කැඩී තැන තැන ගිය
පුංචි කිරිල්ලී..
දැන් ඔබ ළඟ සිටී
රුවක් විලස නොසෙල්ලී..
යොදුන් ගණන් ඔබැම සොයා
ආ සිවුමැල්ලි..
පිළිගනු ඈ කොහි යන්නද
නැවත ඉගිල්ලී..
ඇයට මවක් පියකු නොමැත
සිතිජ වළල්ලේ..
කඳුල පමණි
ඇයට උරුම දවස මුලුල්ලේ...
ඔබ තනිකඩ කුරුලු රජෙකි
වෙසෙන නිදැල්ලේ..
ඇයට ලැඟුම් දෙන්න සබඳ
ඔබේ කැදැල්ලේ...
<Nanda Malini>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



ආසම ගීතයක්......
මරු....
මේක ඇත්තටම මහාචාර්ය සුනිල ආරියරත්න සහ නන්දා මලානි ගැන ලියවුනා කියල තමයි කියන්නේ!
මෙලඩි එක හිතට වදිනවා!
ආස කරන සින්දුවක්!! පින්තූරෙ සිත් ගත්තා!!!
ගොඩක් ස්තූතියි comments වලට... ගොඩක් වටිනව
සිරා සින්දුවක්.. මමත් ආසයි !!