සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග
නිවා හැඟුම් සිත
සැතපෙන්නට
වෙර දරන පැයේ
පාළුව තනිකම
කුටියට අවුදින්
හදවත අවදි කලා....

මවා නුවන් ඔබ
ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන්
ගලා ‍රැයේ..
සෙනෙහෙස හඬවා
මතකය ඉකිබිඳ
හදවත අවදි කලා....

<Amaradewa>


3 Responses so far.

  1. Dinesh says:

    හ්ම්ම්ම්... හ්ම්ම්ම්....

  2. සෙනෙහෙස හඬවා
    මතකය ඉකිබිඳ
    හදවත අවදි කලා....

    පට්ට

  3. Miyuru says:

    හිත අතීතයට ගියා...

Leave a Reply