
පියාපත් වළාකුළු
සුළන් රැළි සැලීලා
සරුංගල් හිරු එළිය
මුහුදු හඬ වෙලීලා
නිදහසේ
මහෝඝය මැවීලා
හිනාවෙයි ගල ගලා
ගලා යයි හිනැහිලා
පවුරු දොර විවරයෙන් පැනලා
නිදහසට යා නොහැකි
කොටු පවුර මුදුනේ
අලි ඇතුන් මුර කරන
ගොර සපුන් විමනේ
ජිවිතේ මී බඳුන රැඳුනේ
වංගගිරි මාවතේ
සොයා ගිය ජීවිතේ
මළකඳයි නිදහසයි
මගදි මුණ ගැසුනේ
ජීවිතය කියන්නේ
මරණයේ මාවතයි
නිදහසයි කියන්නේ
මාවතේ ගීතයයි
<Gunadasa Kapuge>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



මම මේ ගීය අහලා නෑ. අහලම බලන්ඩ ඕනා
මේ කටහඬ අහන්නත් ආසයි....
ඇත්තටම ඔව්...
ලස්සන පැරනි ගීයක් රම්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියැවුණ.මේක තිබුනේ මාවතේ ගීතය කැසට් එකේ.කපුගේගේ චිතකයට ගිනිදැල් වෙද්දි ප්රචාරය වුනේ මේ ගීය.
කාලයක් තිස්සේ හොයපු බ්ලොග් එකක් හමු වුණා! ජය වේවා!!
මට මේ සිංදුව අරගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?