බඹරෙකු හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
ඇහේ කඳුළු ඇති
ඒ බඹරිඳු දැක
හඬන්නේ ඇයිදෝ
මල ඇසුවා..

ළන්ඳ එහා ඇති
ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින්
එමල නෙලු බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා..

ඇහේ කඳුළු නොව
හිතේ කඳුළු දැක
ඇයටත් හරියට දුක හිතුනා
එහෙනම් මා වෙත
පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..

<Neranjala Sarojini, Abewardana Balasuriya>
 

5 Responses so far.

  1. කාලෙකින් ඇහුවෙ නැති කැමතිම සිංදුවක් ස්තුතියි මතක් කලාට.

  2. Sindu says:

    අබේවර්ධන බාලසූරියගෙත් නිරංජලා සරෝජිනීගෙත් ගීත අතරින් මම ආසාම ගීතයක්. ඒ ගායනයේ ඇති සංයමයට මම ගොඩක් කැමතිය් පදවැල් වලට වගේම. ස්තූතියි මතක් කළාට

  3. ධර්මසිරි ගමගේ සූරීන්ගේ අති විහිෂ්ඨ පදමාලාවට කේමදාසයන්ගේ සංගිතය මුසුවී තිබීමත් ඒ මනා සංගෝයට අබේ- නිරංජලා ගායනයෙන් දක්වන සහයෝගය නිසා මේ ගීය තවත් සියවසක් හදවත් වල නින්නාද දේවි.

  4. Ru_Sirini says:

    සාම්ප්‍රදාකින ගී රාමුවෙන් එහා ගිය අපූරු නිමැවුමක්..
    කේමදාසයන්ගේ සළකුණ අඩුවන් නැතිවම දකින්න පුළුවන්..

  5. Miyuru says:

    මේ සින්දුව දැකපු ගමන් මං බැලුවෙ දයානන්ද මහත්තයගෙ කමෙන්ට් එකක් තියෙනවද කියල... :D මේ සින්දුවේ සංගීතයට මං හරිම ආසයි...

Leave a Reply