ඔබම මාද විය
මාද ඔබම විය
සාගර වෙරළක
පිය සටහන් මත
ඔබ මා සමගින්
ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරුරැස්
විහිදුණු මොහොතේ
ඔබම මාද විය
මාද ඔබම විය
පවසා ගන්නට
දහස් වදන් ඇත
පෙන්විය නොහැකි වූ
දහස් දසුන් විය
ඒ සැම මැද්දේ
සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඟ
ඔබමය මා සිත
ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද
ඔබ තුළ හිමියනි
ඔබෙන් රකින්නට
රහස් කිසිත් නැත
එවන් කලෙක මා
එපා නොකල මැන
<Malani Bulathsinghala>
පිළිතුරු තැපෑලෙන්
6 months ago