පියාපත් වළාකුළු
සුළන් ‍රැළි සැලීලා
සරුංගල් හිරු එළිය
මුහුදු හඬ වෙලීලා
නිදහසේ
මහෝඝය මැවීලා
හිනාවෙයි ගල ගලා
ගලා යයි හිනැහිලා
පවුරු දොර විවරයෙන් පැනලා

නිදහසට යා නොහැකි
කො‍ටු පවුර මුදුනේ
අලි ඇතුන් මුර කරන
ගොර සපුන් විමනේ
ජිවිතේ මී බඳුන ‍රැඳුනේ
වංගගිරි මාවතේ
සොයා ගිය ජීවිතේ
මළකඳයි නිදහසයි
මගදි මුණ ගැසුනේ

ජීවිතය කියන්නේ
මරණයේ මාවතයි
නිදහසයි කියන්නේ
මාවතේ ගීතයයි

<Gunadasa Kapuge>



එපා යලි හමුවන්න
ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ
වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද
අරන් ඈතට යන්න


සන්සාර ගමන් මග 
සෙනෙහස සොයා දිනක 
ආ ගමන නිමා කල 
ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන 
කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ 
මියඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල 
ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා 
සදාකල් රැදෙනු ඇත
සන්සාරයේ යලිදු 
නවාතැන් සොයායන
මගේ මලගම දාට 
ඇවිත් යන්නට එන්න

<Sunil Edirisinghe>


හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම.....

දියරළ පෙළකි ඇස
කඳුළු හිත දවනා
මහා සමුදුරක කිමිදී
සෙනෙහෙ පුරනා
‍රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

සඳු හිරු මැදට
සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි
හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

<Deepika Priyadarshani>



බඹරෙකු හැඬුවා
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
ඇහේ කඳුළු ඇති
ඒ බඹරිඳු දැක
හඬන්නේ ඇයිදෝ
මල ඇසුවා..

ළන්ඳ එහා ඇති
ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින්
එමල නෙලු බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා..

ඇහේ කඳුළු නොව
හිතේ කඳුළු දැක
ඇයටත් හරියට දුක හිතුනා
එහෙනම් මා වෙත
පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..

<Neranjala Sarojini, Abewardana Balasuriya>