නෙතේ කඳුළු පිස දමන්න
ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න
සතුට පිරි හදින්
වසන්තයට අඬ ගසන්න
ඔබේ කටහඩින්
දුරින් ඉඳන් බල ඉන්න
ඔබෙ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න
එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න
පුන් සඳක් ලෙසින්

සදා මෙලෙස බල ඉන්න
මහද කවුළුවෙන්
දිවා ‍රැයේ ගල එන්න
සිහිනයක් ලෙසින්

<Sunil Edirisinghe>


6 Responses so far.

  1. Judy says:

    තවත් මං ආසම සින්දුවක්. :D

  2. See Jay says:

    ඔබතුමිගෙ comments ලොකු හයියක්...සන්තොසයි ඇත්තටම...

  3. Judy says:

    අනේ මට ඔහොම කතා කරන්න එපා. ලැජ්ජ හිතෙනවානෙ. අක්කා කියන්න. :D

    මම ඔයාගෙ බ්ලොග් එක කාලෙක ඉඳලාම බලනවා. මට හරි දුකයි වැඩිය කවුරුවත් කමෙන්ට් දාල යන්නෙ නැති එක ගැන. ලියන මනුස්සයට දිරි ගැන්වීමක් විදියට මම නම් මං යන හැම බ්ලොග් එකකම වගේ වචනයක් දෙකක් හරි ලියලා යනවා. මං දන්නවා ඒකෙන් ලැබෙන සතුට.

  4. See Jay says:

    ගරු කල යුත්තන්ට ගරු කල යුතුයි... ඔබතුමි කියනවනම් music girl අක්කා කියල කියන්නම්...:D, මගෙ බ්ලොග් එකට comments නැති එක සාදරණයි.. මම කරන්නේ අනුන්ගේ දේවල් copy කිරීමක්.., හැබයි comments නැති උනට hits වලින්නම් අඩුවක් නෑ වගේ... කවුරු හරි කියවනවා ඇතිනේ... :D

  5. kumudu says:

    mamath kiyewwa onna

  6. See Jay says:

    හොඳා හොඳා....:D

Leave a Reply