එක වසන්තයක
එක රාත්‍රියක
දැණුනා මතකයි
මට ඉබේම වාගේ
ඔබේ සුවඳ..
එක හුස්මක්වත් ගන්නට
ඉඩ නැති තරමට
දැණුනා විතරක් මතකයි

හද ලුහුබැඳ ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද
එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර...

මේ වසන්තයෙදි
හමුවන සුළඟ සමග
සසැඳී පෑහෙන්නට
හිතයි මටයි
ඔබේ සුවඳ සමග
මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද
සිහිවනු පිණිස
සොඳුර...

මේ වසන්තයම
ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට
පතමි මම
ඔබෙ සිතැඟි වලට
මුසුවන පිණිස
මගෙ හැඟුමක් තියන්නද
ගිවිසනු පිණිස
සොඳුර...

<Kasun Kalhara>

Leave a Reply