
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ මේ ආදරේ...
බලා හිදින් හදින්
සදා නොයන් ලඟින්
නෙතේ වෙලී
හදේ ඇදෙන් ළඳේ...
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ අපෙ ආදරේ...
පැතූ පැතුම් ඔබෙන්
සදා විදිම් සුවෙන්
අතේ වෙලී ලගින්
රැඳෙන් මගේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උනුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙවු ලියේ
යළි කිසිදා නොලියූ මේ ආදරේ...
රම්බරි සින්දුවෙන් මෙලො රහක් නැති ගායකයෙක් විදියට එළියට ඇවිත් ළබැඳියේ සින්දුව කියනකොට මට ඇත්තටම හිතුන ලහිරු කියන්නේ රහක් තියෙන මනුස්සයෙක් කියල, මේ සින්දුවෙන් ඒක හොඳටම ඔප්පු වෙනව... මටනම් මේ සින්දුවේ පද රචනය තනුව ගායනය කියන කිසි දෙයක් වැදගත් නෑ... මේකෙ මාතෘකාව, මේ කතා කරන්න හදන දේ තමා වටින්නේ..කපුගේ, අමරදේව, අමරසිරි පීරිස් වගේ අය කතා කලාට අලුත් පරම්පරවේ කොල්ලෙක් මේ වගේ සින්දුවක් තෝරගත්ත එකම වටිනව...
<Lahiru Perera>

දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නලලත තබා
නික්මුන දා
හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යමේ..
සුහදිනියේ..
මින් පෙරදි අපි මේ වගේ
වෙන්වී යන්නට ඇතී
මේ කඳුලු ගංඟා ඉමේ
කොතැනක හෝ
මගෙ දෙනෙත් ඉකිබිඳී
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අප පතා අවා වගේ වෙන්වී යයී
ඔබෙ පපුතුරේ මා හිඳී
මගෙ පපුතුරේ ඔබ හිඳී
ළං වෙන්න වෙන්නෙනම් නෑ
සුහදිනියේ....
සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇතී
මුදු සුවඳ විඳිනා ඉමේ
කොතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා අවා වගේ වෙන් වී යයී
ඔබෙ සිහින වල මා හිඳී
මගෙ සිහින වල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ...
ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසෙ සැඟවිලා
ළබැඳියේ..
මා සිතින් සිරා කලා
ළබැඳියේ..
මා සිතින් පෙම් කලා...
නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනි වෙලා
ළබැඳියේ..
මා සිතින් සිරා කලා
ළබැඳියේ..
මා සිතින් පෙම් කලා...
කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ ඉම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා
ළබැඳියේ..
මා සිතින් සිරා කලා
ළබැඳියේ..
මා සිතින් පෙම් කලා...
<Lahiru Perera>
ලඟදි දැකපු ලස්සනම vedio වලින් එකක් තමා මේ සින්දුව, වචන ටිකත් ඒ විදියටම හිතට වදිනව. මේ සින්දුව ගැන article එකක් තිබුන දිවයින පත්තරේ, මේ තියෙන්නේ ඒක..
