තරු පිපුනු ඝන අහස මමනම්
ඒ අහසෙ පුරාහඳ වෙන්න සුදු රුවනි
වැසි නොවැටි මරු කතර මමනම්
ඒ පොලොවෙ නිසල දිය බිඳුව වෙන්න සුදු රුවනි
හද පෙලන චන්ඩ රළ මමනම්
ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හද මගෙනම්
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙලන කැල්මේ
සිනා සඳපානේ
ඔබ ඇවිත් මගෙ ලගින්
ඉන්නවා වගෙ දැනේ
ඒ බලන් බැල්මේ
හදක හස‍රැල්ලේ
අපි හදින් බැඳුන වග ලෝකයා නොම දනී

ජීවිතය අතරේ
ආදරය නැවතී
පෙම් කවක් සදාතන
හදට කොඳුරාවී
මේ ගී ගායනා
ආල හද වේදනා
මහ ඹබුන් හෙට දිනේ
අප නමින් ලියාවී..

<Jagath Wickramasinghe>

අලුත් විඩියෝ එකකුත් release කරල තියෙනව මේ සින්දුවට, මේ පහල තියෙන්නේ ඒක..ඒත් තවමත් මම ආස අපි ඒ කාලේ සිරසේ දැකපු මෙන්න මේ විඩියෝ එකට..


මේ තියෙන්නේ අලුත් එක

Leave a Reply