සොඳුරු අතීතයේ
නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති
කඳුළු සුසුම් මැද
සතුටු සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇති
එදත් මගේ සිත අද මෙන් කැප වී
ඔබෙ නමට පුද දෙන්න ඇති
නොසැලී නොතැවී
බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇති
<T.M.Jayarathna>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
