සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිඹඳ හිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි
නින්දයාය පුරා දුවන කන්දේ හෙවණැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි
නාන තොටෙ ඔමරි මැදින් දෑස මුණ ගැසෙයි
යන්න බයයි ඒ දණ්ඩෙන් හිතත් කලබලයි
බිංදු පොදට පිල් කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුලට එන්නම්
සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්
<Amarasiri Peiris>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

මම ආසම සිංදුවක්..
nice song!