කඳු පාමුල සිට
දැහනට සමවැද
මා ගයනා ගී
ඔබට ඇසෙනවද..
කඳු මුදුනේ සිට
දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු
ලියේ....
මිටියාවත් කඳූ සිකර සිසාරා
සඳ බැස යනතුරු
අවර වනපෙතේ
ඔබ කියු රහසින්
මා සැලුනේ නැත
ඔබ අන්සතු බව
මම දැන සිටියෙමි...
ඇළ දොළ ගංඟා සයුර සිසාරා
ඉර නැඟ එනවිට
පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන්
මා සැලුනේ නැත
ඔබ අන්සතු බව
මම දැන සිටියෙමි...
<Athma Liyanage>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

මම ආසම ගායකයෙක් සහ ගීතයක්.
මට හිතා ගන්න බෑ සිරස මෙගා සංගීත් වැඩසටහනෙන්
මෙච්චර ලයාන්විත කටහඩක් තියන ආත්මා කැපුනෙ ඇයි කියලා.