ලියූ කවි පද
දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුනු
එකම කවියක්
තවම ලියනව මං...
නුඹෙ සුවඳ රැඳි
පපුව ගැඹුරේ
කියාගන්නට
බැරිව සිරවුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනව මං...
උනුසුම් රැඳි
පළල් උරයක
වෙළී සැතපී
නිදන යුගයක
ඔබේ සුසුමක් සමඟ මිදී
යන්න තිබුනානම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳුළු නැහැ එහෙනම්....
සඳවතක රැඳි
සඳළුතලයක
තරු කැටක් වී වැටුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
රැඳී නොතිබුනිනම්
මගේ දරදඬු පිරිමි හිත යට
කඳුළු නැහැ එහෙනම්..
<Krishantha Erandaka & Manjula>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

best