ඔබත් තනි වෙලා
මා තනි වෙලා
මීවිත පිරිලා
ගී හඬ මැකිලා
පාලු අඳුරු ලොව
මා... තනි වෙලා
තනි වෙලා
එදා ලඟ සිටි රූ ළඳුන්
දෙතොල් රස පිරු මත් බඳුන්
නොමැත මගෙ තනි රකින්නට අද
පාලුවේ මා තනි වෙලා..
ඔබ වගේමයි තාරුකාවේ
මාත් අද මෙහි තනි වෙලා..
සැබැ නොමවූ සිහිනෙකින්
අන්ධ වී ගිය මගෙ නුවන්
නැවත විවරව සොයයි රසඳුන
පාලුවේ මා තනි වෙලා..
ඔබ වගේමයි තාරුකාවේ
මාත් අද මෙහි තනි වෙලා..
<Gunadasa Kapuge>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
