කඩමණ්ඩියේ
දොළ අයිනේ
නුඹව පෙනී
නැවතී බලනවා
මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත්
ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට
බැරුව වැසී
ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම ඔබ මට හිමි නැති හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
<Nanda Malini>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
