
අපි කතා නොකරමු ඉමු
හිනා නොවි ඉමු ටික දවසක්
අපි දැසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී...
අපි කතා නොකර හිඳිනා
ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
නුඹෙ හිනා දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නැවිත් ඉන්නේ
අපි ළංව බලන් ඉඳිනා
එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට මා නෙළු මලේ
මා කෙලෙසද නෑවිත් ඉන්නේ
<Janaka Wickramasinghe>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
