
නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නේ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ..
තාරුකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බිංඳු වැටේවි
රෝස පෙති කඩා හැලේ...
කිලිපොලා සැලී යමින්
නොහිම් සීතලේ
තුරුලු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උනුසුමේ..
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී
යා යුතුව තිබේ..
රැය ගෙවේ
සඳත් නිවේ
දුරයි ජීවිතේ..
ඉතින් අවසරයි මගේ
පුන්චි කුමරියේ
කටු වලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ..
<Gunadasa Kapuge>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
11 months ago

කවදාවත් අමතක නොවෙන හදවතට දැනුනු සින්දුවක්... කපුගේගෙ කටහඬ ඒ හැඟීම තීව්ර කරනවා....
අපේ පරම්පරාවෙ ගොඩක් දෙනෙක්ට මේක කවදාවත් අමතක නොවෙන සින්දුවක් මම හිතන විදියට Music Girl අක්කේ...